අද වන විට පරිගණක අරාක්ෂාව පරිගණක කේෂත්‍රයේ කවුරුත් කතා කරන මතෘකාවක් වෙලානේ. පරිගණක අරාක්ෂාව තරජනයක් වන විනාශකාරී වැඩසටහන්(virus, Malware,Tojan programs ) මර්ධනය කිරීම සදහා සාදන ලද Anti Virus වැඩසටහන් අද වන විට මෘදුකාංග වෙළෙදපලේ ඉහල ඉල්ලුමක් ඇති මෘදුකාංග බවට පත්වෙලා. මේවා අවුරුද්දෙන් අවුරුද්දට නැත්නම් අවුරුදු 2 කෙන් 2 කට ලයිසන් ගන්න ඕනේ.
මම අද කියන්න හදන්නේ නොමිලේ දෙන Open Source Anti Virus එකක් ඒ තමයි
clamwin Anti Virus එක ගෙන මේක නිකුත් කරලා ටිකක් කල්. ගොඩක් අය මේක දැනටමත් දාගෙන ඇති. මටත් හිතුනා මේක ටිකක් දා ගෙන බලන්න.
මෙතන ට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න.
මේක දාගත්හම මැෂින් එක Slow වෙන්නේ නම් නෑ. මේක තවමත් එච්චර දියුණු නෑ. Real-Time Protection
ඒ කියන්නේ අපි Manual Scan නොකර ස්වයංක්‍රීයව අරාක්ෂාව ලබා දීම නම් මෙකේ තවම නෑ. හැබැයි අනිත් Anti Virus වලට අහුවෙන්නේ නැති හුගක් Trojan horse programs වගේ ඒවා මේකෙන් අහු උනා.
මේකේ තියෙන විශේෂත්වය තමයි මේක Pen Drive එකකට දාගෙන පෝටබල් Anti Virus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් එක.
Anti Virus නැති නෙට් කැෆේ වලින් ෆයිල් ඩවුන්ලෝඩ් වලට නම් ගොඩක් ප්‍රයෝජනවත්.මම මේක දාගත්තේ ඒක නිසාමයි. නමත් මේක Open Source නිසා ඉදිරියට ගොඩක් දියුණු වෙයි කියලා හිතනවා.